මළ සිරුරු බැහැර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ශරීර බෑග් 1000 ක් ඉල්ලා රහසිගතව යවන ලද ලිපිය සමාජ මාධ්‍ය වෙත ලබාදුන්නේ කවුද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
තමන් විසින් ICRC වෙත ලියන ලද මෙම ලිපිය සමාජ මාධ්‍යවල ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පුවත්පතකට පවසා තිබුණා.
මේ වනවිට සිදුවන සියලු මරණ බහාලන්නේ Body Bag තුල බැවින් ජාත්‍යන්තර පිළිගැනීම්වලට අනුකූලව කටයුතු කිරීම සඳහා පවතින අඩුව පිරවීමට මෘතදේහ 1000ක් සඳහා Body Bag ලබා ගන්නා ලෙස ඉල්ලා ICRC සංවිධානයට මෙම ලිපිය යවා තිබෙනවා.


