කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී සිදු වූ හය වැනි මරණය අද (07) උදෑසන වාර්තා වූ අතර
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයෙක්.
දෙහිවල අරුණාලෝක මාවතේ පදිංචි කරුවෙකුව සිටි වයස අවුරුදු 80 ක පුද්ගලයෙකු මෙලෙස මියගියා.
මාර්තු 27 වනදා කළුබෝවිල රොහලට ඇතුළත් කෙරුණු ඔහු මාර්තු 30 වනදා කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදිතයකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන ඇතුලත් කරනු ලැබුවා.
මෙලෙස මියගිය පුද්ගලයාගේ දියණියගේ සැමියා සංචාරක මගපෙන්වන්නෙක් වන අතර ඔහු ඇතුලු මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ මුණුබුරාද මෙවන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතන රෝහලේ ප්‍රතිකාර ගනු ලබනවා.
ඔහුගේ දේහයේ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන පනතේ රෙගුලාසි වලට අනුකූලව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.


