Type Here to Get Search Results !

වසර 30ක යුද්ධය ජයගෙන අදට වසර 11යි


වසර 30 කාලයක් පැවති LTTE ත්‍රස්තවාදය පරාජය පත් කර අදට වසර 11ක් සපිරෙනවා.
advertisement
2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කරනු ලැබුවා.
ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් LTTE ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වෙනවා.
මානුෂිය මෙහෙයුම සඳහා නායකත්වය දුන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන අග්‍රාමාත්‍යවරයා ලෙසත් , ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වර්තමාන ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කිරිම විශේෂත්වයක්.
එමෙන්ම යුද හමුදාවේ සේනාංකාධිපතිවරුන් ලෙස කටයුතු කරමින් මානුෂිය මෙහෙයුමේ පෙරමුණේ සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ලෙසත් , ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වත්මන් යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads