දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි අතර දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 – 60 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින අතර අද (18) දිනය තුල දකුණ, බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරුමැද සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මෙම අයහපත් කාලගුණයට හේතු වූ ‘අම්ෆන්’ සුළි කුණාටුව තවදුරටත් ප්‍රචණ්ඩ වනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කෙරෙනවා.


