රාජකාරි කටයුතු ආරම්භ කර ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිරෝධායන රෙගුලාසි අනුව අද (18දා) සිට ක්‍රියාත්මක වීම පරීක්ෂාවට ලක් කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් කඩ කරන සේවා ස්ථානවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළා.
එම පරීක්ෂාවන් සිදුකිරීම සඳහා පැමිණෙන නිලධාරීන්ට සහාය දක්වන ලෙසටද පොලිසිය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.
තවද පෞද්ගලික සහ කුලී රථවල පෞද්ගලික ගමන් බිමන් යා නොහැකි බවත් රැකියාව සඳහා පමණක් එම වාහන යොදා ගත හැකි බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.


