Type Here to Get Search Results !

නෙළුම්සිරිගම තවත් අයෙකුට කොරෝනා බවට හඳුනාගැනේ


කොරෝනා ආසාදිතයෙකු බවට මීට සති දෙකකට පමණ ඉහතදී හඳුනාගත් උඩවලවපාර, 13 ½ නෙළුම්සිරිගම පදිංචි නාවික හමුදා සෙබළාගේ පවුලේ තවත් ඥාතියෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පාලිත අධිකාරී මහතා පැවසුවා.
advertisement
මෙම නාවික හමුදා සෙබළාගේ බිරිඳ, බිරිඳගේ සහෝදරිය, ඇයගේ දරුවා කොරෝනා රෝගය වැළඳී ඇති බව මීට පෙර අනාවරණයවී තිබුණා.
අනතුරුව පවුලේ අනෙකුත් සාමාජිකයින් වව්නියාව පප්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකරනු ලැබුවා.
එහිදී එහි සිටි නාවික හමුදා සෙබළාගේ ළඟම ඥාතියෙකු වන 59 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට ඊයේ (3දා) සිදුකළ PCR පරීක්ෂණයේදී හෙළිවූ බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads