පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බවට හැඟවෙන අසභ්‍ය වීඩියෝ පටය සමාජ ජාල වෙත එක් කිරීම සිදුවීම පසුපස ප්‍රකට ගායන ශිල්පියෙකු මෙන්ම youtube වීඩියෝ සකසන්නෙකු වන පුද්ගලයෙකුගේ නැගණියක ද සිටින බව වාර්තා වනවා.
මල්ෂා කුමාරතුංග විසින් එම වීඩියෝව මුලින්ම යවන ලද්දේ ඇයට බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.
එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම අභියෝගයක් වී ඇත්තේ ඔහුගේ සොහොයුරා වත්මන් රජයේ අතිශය හිතවතෙකු වීම බවයි වාර්තා වන්නේ.
මෙම අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙනවා.
එම පරීක්ෂණවලදී මල්ෂා තම දුරකතනයෙන් මිතුරියකට එම වීඩියෝව යැවූ බව හෙළිව තිබෙනවා.


