Type Here to Get Search Results !

සුබ ආරංචියක්..! ලංකාවේ වයස්ගතම ආසාදිතයා සුවය ලබයි


කොරෝනා ආසාදනය වී මෙරට රෝහලකට ඇතුල් කළ වයස්ගතම රෝගියා සම්පූර්ණ සුවය ලබා පසුගියදා IDH රෝහලෙන් පිටව ගියා.
ඒ , 94 හැවිරිදි පාතිමා නැමති කාන්තාවක්
advertisement
අසාධ්‍ය තත්වයෙන් වැලිකන්ද රෝහලේ සිට IDH රෝහලට එවනු ලැබ ඇය මාසයකට ආසන්න කාලයක් තිස්සේ එම රෝහලේ ප‍්‍රතිකාර ලැබුවා.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කර සිටි ඇය එම රෝගය හේතුවෙන් ඇතිවූ දැඩි පාචන තත්ත්වයට මුහුණ දී ඇති අතර මේ නිසා IDH රෝහලට මාරු කර එවා තිබුණා.
ඇය සුවපත් කරන්නට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ‍්‍රමයක් යොදන්නට සිදුවූ බවත් වයස් ගත රෝගීන්ට බරපතල හානි සිදුවන බැවින් ඇය පිළිබද සුවිශේෂී අවධානයකින් ප‍්‍රතිකාර කර ඇති අතර සුවවී රෝහලෙන් පිටව යන ඇයට රෝහල් කාර්ය මණ්ඩලය සුභපතමින් තෑගි බෝග ද පිරිනැමූ බවත් වාර්තා වෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads