කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනේදී මෙම සති දෙක තීරණාත්මක බව කොවිඞ්-19 වැලැක්වීම සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ අනුව මෙම සති දෙකේදී ද මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංයමයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.
මේ අතර තවදුරටත් ඇඳිරි නිතිය පනවා තිබෙන කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල මහජන හැසිරීම සතුටුදායක නොවන බව පොලිසියද පවසනවා.
ඒ අනුව නිරෝධායන රීතින් උල්ලංඝනය කරන්නන් කොටුකර ගැනීම සඳහා අද (13) සිට CCTV සහ බුද්ධි මෙහෙයුමක්ද ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් විවෘත කෙරුණු රාජ්‍ය හා පෞද්ගලික ආයතන නියමිත සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන්නේදැයිද අද සිට පරීක්ෂණ සිදු කරන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.


