මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 751ක් වනවා.
ඒ ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 33 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
එම කොරෝනා ආසාදිතයින් 33 දෙනා ගෙන් 31 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව අනාවරණය වී තිබෙනවා.
සෙසු පුද්ගලයන් දෙදෙනා සෙබළුන් සමීපව ඇසුරු කළ පුද්ගලයින්ද වන බවයි වාර්තා වන්නේ.


