පසුගිය දින වල විශේෂඥ වෛද්‍යවරුන් විසින් දුම් පානය කරන පුද්ගලයින් හට කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානම වැඩි බව හෙළි කරමින් අනතුරු අඟවා තිබුණා.
ඒ අනුව, එක්සත් රාජධානියේ කොරෝනා වසංගතය සීග්‍රයෙන් පැතිර යාමත් සමඟ එරට දුම්පානයට ඇබ්බැහිව සිටි ලක්ෂ තුනක් පමණ වූ පුද්ගලයින් දුම් පානය නවත්වා තිබෙන බව එරට සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
මෙරට සෞඛ්‍ය අංශයන්ද දුම්වැටි භාවිතය කොරෝනා වෛරසය පතුරුවා හැරීමට ප්‍රබල සාධකයක් වන බව අවධාරණය කරනු ලබන්නේ එක්සත් රාජධානියේ මෙම ක්‍රියා මාර්ගය අගය කරමින්.
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය සාර්ථකව අවසන් කිරීමට නම් දුම්වැටි අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කළ යුතු බවයි.


