කොළඹ සිට නිරෝධායනය සඳහා වැලිකන්ද ගල්කන්ද යුද හමුදා කඳවුරට රැගෙන ආ පිරිස අතරින් පුද්ගලයින් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් අද (06) සවස ඔවුන් පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුව මාස අටක කාලයක් පුනරුත්ථාපන කටයුතු සඳහා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙත යොමුකළ බව වැලිකන්ද පොලිසිය පැවසුවා.
මෝදර, කොළඹ, මාතර , පිටකොටුව යන ප‍්‍රදේශවලින් ඔවුන් දින 21 ක කාලයක් නිරෝධානය කටයුතු සඳහා ඉකුත් අපේ‍්‍රල් 16 වෙනිදා වැලිකන්ද ගල්කන්දේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙනවිත් ඇති බව පොලිසිය සඳහන් කළා.
එහිදි යුද හමුදාව සහ ශ‍්‍රී ලංකා පොලිසිය මගින් ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව දින 21 කාලයක් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුල නිරෝධායනයට ලක් කරමින් ඔවුන්ට මාස 08 ක විවිධ වෘත්තිය පුහුණු ලබා දිමටද කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලසන්ත බණ්ඩාර මහතා සඳහන් කළා.
ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර තුළ සූදානම් කර ඇති අතර, එලෙස පුනරුත්ථාපනය වෙන පුද්ගලයන්ගේ වයස අවුරුදු 25 ත් 50 අතර පසුවන්නන් බවද පොලිසිය ප්‍රකාශ කළා.


