Type Here to Get Search Results !

දඹුල්ලේදී හදිසියේ මියගිය හමුදා භටයා ගැන හමුදාපතිගෙන් හෙලිදරව්වක්


දඹුල්ල බස් නැවතුම්පොළ අසළ දී ඊයේ (04) හදිසියේ ඇදවැටී මියගිය හමුදා සාමාජිකයා ගැන හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (05) මාධ්‍යට අදහස් දැක්වූවා.
advertisement
එම හමුදා සාමාජිකයාට විටින් විට අපස්මාරය රෝගය වැළඳෙන බවට තොරතුරු ලැබුණු බවත් ඔහු එක කඳවුරක සිට තවත් කඳවුරකට සේවයට වාර්තා කිරීමට යන අතරතුර එසේ මියගොස් ඇති බවයි ඔහු පැවසුවේ.
එසේම මියගිය පුද්ගලයා පිළිබඳ ව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන බවත් ඉන් අනතුරුව මරණයට නිශ්චිත හේතුව අනාවරණය කරගත හැකි වනු ඇති බවයි හමුදාපතිවරයා පැවසුවේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads