නව කොරෝනා ආසාදිතයන් 05 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 986 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ මෙතෙක් හඳුනාගත් ආසාදිතයන් 05 දෙනාම නාවික හමුදා නිළධාරීන් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.
එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 559 ක්.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 413 ක්.
එමෙන්ම මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ශ්‍රී ලංකාව තුළ මිය ගිය සංඛ්‍යාව 09 දෙනෙක් වනවා.


