Type Here to Get Search Results !

චීනයේ දෙවනියට විශාලතම නගරය කොරෝනා හේතුවෙන් යළිත් Lock down කරයි


කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීන් අද (13) පියවර ගෙන තිබෙනවා.

මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ බිය වැඩි වී තිඇති අතර කොරෝනා ආසාදිත පොකුර හඳුනාගැනීමත් සමඟ නගරයේ ප්‍රවාහන කටයුතු සීමා කිරීමටත්, නගර සීමා වසා දැමීමටත් බලධාරීහු පියවර ගත්තා.
advertisement

මෙසේ අර්ධ වශයෙන් වසා දමා ඇත්තේ ජිලින් පළාතේ, දෙවැනි විශාලතම නගරය වන ජිලින් නගරයයි. ජිලින් පළාත උතුරු කොරියාවේ සහ රුසියාවේ දේශසීමාවට මායිම් වනවා. එමෙන්ම ජිලින් නගරයේ ලක්ෂ 40කට වැඩි පිරිසක් ජීවත් වනවා.

නගරයෙන් පිටතට යාමට අවසර දී ඇත්තේ ‘කොවිඩ්-19’ පරීක්ෂාව කර වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු අයට පමණයි.

ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් ‘‘දැඩි ස්වයං-නිරෝධායන’’ සීමා පැනවීමට ද ජිලින් නගර බලධාරීහු පියවර ගෙන තිබෙනවා.

නගරයේ සිනමා ශාලා, ගෘහස්ත කායවර්ධන මධ්‍යස්ථාන, අන්තර්ජාල කැෆේ සහ අනෙකුත් පොදු ස්ථාන සියල්ල වහාම ක්‍රියාත්මක කරන පරිදි වසා දැමීමට ද නගර පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

කෙසේ නමුත් ඖෂධහල් විවෘත කර තබන්නැයි ද උණට ලබාදෙන බෙහෙත් අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධ සියලු තොරතුරු වාර්තා කරන්නැයි ද නගර පරිපාලනය ඖෂධහල්වලට දැනුම් දී තිබෙනවා.

ජිලින් නගරයෙන් කොරෝනා ආසාදිත පොකුර හමු වී ඇත්තේ පසුගිය ඉරිදා (10) දිනයේදීයි. ජිලින් නගරයේ ෂුලාන් ප්‍රදේශයෙන් මෙම ආසාදිතයන් හමු වූ බවත් තවදුරටත් වයිරසය පැතිර යෑමේ දැඩි අවදානමක් ඇති බවත් ජිලින් හි උප නගරාධිපතිවරයා සඳහන් කළා.

ඊයේ (13) දිනයේදී නගරයෙන් තවත් ආසාදිතයන් 6 දෙනකු වාර්තා වූ අතර ඒ අනුව නගරයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සම්පූර්ණ ගණන 21ක්. නගරයේ රෙදි සෝදන මධ්‍යස්ථානයක සේවකයකුගෙන් ඔවුන් සියලු දෙනාටම වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads