වේයන්ගොඩ ප්‍රදේශයේ 104 දෙනෙකු ස්වයන් නිරෝධායනයට ලක් කර තිබේ.
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමෙන් පසු මෙම පියවර
ගෙන ඇත.
මෙසේ නිරෝධ කර ඇත්තේ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයන්
පිරිසකි.
මේ අතර මධ්‍යම පළාතේ පුද්ගලයන් 17 දෙනෙකු නිරෝධයට ලක් කර කර තිබේ.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ
අටදෙනකු, මාතලේ අටදෙනෙකු හා නුවරඑළියෙ එක් අයෙකු මෙසේ ස්වයංනිරෝධායනය සඳහා
යොමුකර ඇති බවයි.
ඉන් කිහිපදෙනෙකු උණ රෝගී ලක්ෂණ වලින් පෙළෙන බව ද අධ්‍යක්ෂවරයා සඳහන්
කළේය.
දිවුලපිටිය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර
ගෙන ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.



