Type Here to Get Search Results !

කොරෝනා ආසාදිතයන් රෝහල්ගත වෙන්න බෑ කියා විරෝධයේ.. රජයෙන් නිවේදනයක්..


කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිත යයි සැක සහිත අය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ගෙන යාමට නිවෙස් අසලට ගිලන්රථ යොමු කළ ද ඔවුන් ඒ වෙත යෑම ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

“ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් හදුනා ගැනීම සදහා ඵ්Cර්‍ පරීක්ෂණ සිදු කරනු ලබයි.

advertisement

එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇත.

නමුත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වේ.

ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටියි.

ප්‍රතිකාර සේවා සදහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් දන්වා සිටියි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads