Type Here to Get Search Results !

20ට සහාය දෙන්න සලකා බලනවා..- බදියුදීන් කියයි.. ඇමති චමල් සමග රජයේ උත්සවයකටත් එයි..


20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය දීම සම්බන්ධයෙන් සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතා පවසයි.
කෙසේ නමුත් එම සංශෝධනයේ ඇතැම් කරුණුවලට එකග විය හැකි වුවද බහුතර කරුණුවලට එකග විය නොහැකි බවත් ඔහු සදහන් කලේය.
තම පක්‍ෂය ආණ්ඩුවට එක්වීමේ කිසිම සූදානමක් නැති බවත් කී ඔහු ආණ්ඩුවේ කිසිවෙකුත් මේ දක්වා තම පාර්ශවය සමගින් සාකච්චා කර නැති බවත් පැවසීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ඇමති චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාද එක්ව සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads