Type Here to Get Search Results !

පොහොට්ටු මන්ත‍්‍රී භික්‍ෂූන්ට බැණ වැදී නාම පුවරුව කඩා දමයි..


කල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කල්පිටිය සමුද‍්‍ර පිරිවෙණේ සාමණේර හිමිවරුන්ට බැණ වැදී තර්ජනය කර එහි සුසාන භූමියෙන් නාම පුවරුව කඩා ඉවත් කර ඇතැයි චෝදනා එල්ල වෙයි.
ඊට විරෝධය පළ කරමින් එම පිරිවෙන ඉදිරිපිට ඊයේ දිනයේ විරෝධතාවයක් පැවැත්වී තිබේ.
ඒ සඳහා භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සම්බන්ධ වී සිටියහ.
විරෝධතා කරුවන් කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ ඔවුන් පසුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන නිසා බවයි.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්නැයි පොලිසියට බල කර සිටින බවද ඔවුන් කියා සිටියහ.
පොලීසිය සඳහන් කරන්නේ මේ වනවිට සැකකරුවන් ප්‍රදේශය මගහැර ගොස් ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටින බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads