Type Here to Get Search Results !

ඇමති විදුර වික‍්‍රමනායක 20 සංශෝධනයට විරුද්දයි..?


ජාතික උරුම ප්‍රසංග කලා හා ‍ග‍්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධ බව පැවසුවේ යැයි අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.
තමන්ගේ එම ස්ථාවරයට හේතුව 20 වන සංශෝධන කෙටුම්පතට විරුද්ධව අදහස් පළ කරන පුද්ගලයන්ගේ මත වලට තමන් එකඟ වීම යැයි ද එහි සඳහන් කර තිබේ.
දැනට එම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 39 සම්බන්ධයෙන් තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් සිදුවන විවාදයේදී තම අදහස් පළ කරන බවත් ඇමතිවරයා තවදුරටත් පැවසූ බව එම පුවත්පත වාර්තා කරයි.
කෙසේ වෙතත් ඇමති විදුර වික්‍රමනායක මහතා විසින් තමන් නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරුද්ධ බවට පළ වන ප්‍රචාර අසත්‍ය බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads