Type Here to Get Search Results !

ගව ඝාතන තහනම් කරන්නේ ගව මස් ආනයනව නාමල්ගේ මාමණ්ඩියට දෙන්නද..


මෙරට තුල ගව ඝාතන තහනම් කිරීමට හේතුව තම මාමණ්ඩිය විසින් ගව මස් ආනයනය කිරීමේ ව්‍යාපාරය සියතට ලබාගැනීම බවට පැතිර යන වාර්තා අසත්‍ය බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

advertisement

තම මාමා වන තිලක් වීරසිංහ මහතා සම්බන්ධයෙන් මීට පෙර ද මේ ආකාරයේ අසත්‍ය පුවත් පළ වූ බව ඇමතිවරයා පවසයි.

ඩේලි මිරර් වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙරට තුල ගව ඝාතනය තහනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් යෝජනා සම්මත කර ඇති අතර ඉදිරියේ දී එය නීති කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අදාල යෝජනාව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads