Type Here to Get Search Results !

දිස්ත‍්‍රික්ක 21ක කොරෝනා.. ග‍්‍රාමීය මට්ටමින් පැතිරීමේ අවදානමක්…


දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇතිවූ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් රටපුරා දිස්ත‍්‍රික්ක 21කින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනට රට තුළ ඇතිවී තිබෙන වෛරස ව්‍යාප්ති තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමක තවදුරටත් පවතින බවත් මේ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර මෙරට වාර්තා වන 33 වැනි පොකුර බවත් පැවසූ ඔහු එහි ආසාදිතයන් කිසිවකු තවමත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර නැති බවද කියා සිටියේය.

ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් ග්‍රාමීය වශයෙන් වෛරසය පැතිරී යාමට අවදානමක් ඇති බවද පැවසූ ඔහු ඒ නිසා වෛරස පාලනයට ජනතාවගේ සහාය අඛණ්ඩව අවශ්‍ය යැයිද කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads