Type Here to Get Search Results !

බ‍්‍රැන්ඩික් ආසාදිත කාන්තාවට පෙර 33ක් රෝග ලක්‍ෂණ සහිතව ඉදලා..- හමුදාපති


දියුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් පළමු වරට සොයා ගැනීමට පෙර කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන 33 දෙනෙකු එහි සිට ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව එම කර්මාන්තශාලාවට වෛරසය ඇතුළු වන්නට ඇත්තේ පසුගිය සැප්තැම්බර් 10 සහ 20 අතර කාලයේ දී බව ද ඔහු පැවසීය.

වෛරසය එම ආයතන පැමිණියේ කෙසේදැයි මෙතෙක් සොයාගත නොහැකි බවද පැවසූ ඔහු එනිසා රෝග ව්‍යාප්තිය ආරම්භ වූයේ කොතන සිටදැයි ප‍්‍රකාශ කිරීම සාධාරණ නැතැයි ද සඳහන් කළේය.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල 10,500ක් සිටින බවත් තවත් දෙදහසකට නිරෝධායන පහසුකම් අළුතින් ඇති කර ඇති බවත් ඔහු පැවසීය.

මේ වන විට රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 96ක් ක්‍රියාත්මක වන බවත් නිරෝධායනය අවසන් කරන ලද පුද්ගලයන් 51000 සමාජ ගත කර ඇතැයිද ඔහු කියා සිටියේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads