Type Here to Get Search Results !

බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි නඩු දාන්න සාක්‍ෂි නෑ..


හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා රියාජ් බදුර්දීන්ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි හමුවී නැතැයි පොලිසිය සඳහන් කරයි.


advertisement
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.


පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී.


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට තරම් සම්බන්ධයක් ඇතැයි විමර්ශනවල දී හෙළි නොවුණු බවයි.


කෙසේ නමුත් ඔහු ඇප මත මුදා හැරියේ දේශපාලන බලපෑමක් මත නිසා නොවන බවද සේනාරත්න මහතා කියා සිටියේය.
 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads