Type Here to Get Search Results !

නාවික හමුදාවට අයත් නෞකා දෙකකින් නිව් ඩයමන්ඩ් නෞකාව ඇදගෙන යන තැන මෙන්න


ගිනිගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ඉන්දියාව දෙසට ඇදගෙන යාම සිදුකරන බවට තොරතුරු වාර්තා වුව ද එය මේ වනවිට රැගෙන යමින් ඇත්තේ මැදපෙරදිග මුහුදු කලාපයට බවට වාර්තා වනවා.
advertisement

නෞකාවේ පවතින ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමේ අරමුණින් නැව පැමිණි මාර්ගය ඔස්සේ මෙලෙස යළි රැගෙන යමින් පවතිනවා.

කෙසේ වෙතත්, නීතිපතිවරයා මීට පෙර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දන්වා තිබුණේ සමුද්‍ර දූෂණයට අදාළ කටයුතු නිමවනතුරු නෞකාව රැගෙන යාමට අවසර ලබාදිය නොහැකි බවයි.

නෞකාව මේ වනවිට මැදපෙරදිග දෙසට ඇදගෙන යාම සිදුකරන අතර, ඊට නාවික හමුදාවට අයත් සමුදුර සහ සයුර යන නෞකා දෙක ද සම්බන්ධ වී ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකර ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට තවත් දින 04 ක් පමණ ගත වනු ඇති බවටද වාර්තා වනවා.

මේ අතර, ඊට පෙර නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වලදී වැය වූ මුදල් සහ වන්දි මුදල් ලැබෙනු ඇති බවට විශ්වාස පළ කරන බව නාවික හමුදාව සඳහන් කළා.

කෙසේ වෙතත්, අදාළ මුදල් සහ වන්දි මුදල් ලබා නොදුනහොත් නිව් ඩයමන්ඞ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතට රැගෙන යාමට ඉඩ ලබා නොදෙනු ඇති බවටයි නාවික හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads