Type Here to Get Search Results !

දිවුලපිටිය ආසාදිතයා කොවිඩ් පොකුරේ පළමු වැන්නා නොවෙයි


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමුවෙන්ම හඳුනාගත් දිවුලපිටියේ කාන්තාව එම කොවිඩ් ආසාදිත පොකුරේ පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එසේම කර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබූ බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.

“කොරෝනා ආසාදිත කාන්තාව ගම්පහ රෝහට ඇතුළත්ව ඇත්තේ 30 දා. නමුත් අප කර්මාන්ත ශාලාවෙන් ලබාගත් තොරතුරු අනුව සැප්තැම්බර් 20 දා සිට එහි සාමාජිකයන්ට නොයෙක් ස්වශන රෝග තිබී තිබෙනවා. ඒක ක්‍රම ක්‍රමයෙන් වැඩිව තිබෙනවා. මේ ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබුණා. කර්මාන්ත ශාලාවට විදේශිකයන් පැමිණ ඇති බවට තහවුරුවක් නෑ.

නොයෙක් ආකාරයෙන් මෙතෙනට වෛරසය එන්න පුළුවන්. අපි පළමුවෙන්ම හඳුනාගත් කාන්තාව නෙමෙයි මෙතන රෝගී පොකුරේ පළමු රෝගියා වන්නේ. අපි හිතනවා මීට කලින් රෝගීන් එතන හිටියා කියලා. තවමත් එතන තොරතුරු ලබාගනිමින් පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. අපිට ඉදිරියේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද මෙම රෝගය ආවේ කියලා හොයා ගන්න. එහෙම රෝගය ආවේ කොහෙන්ද කියලා තීරණය කර ගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් රෝගය පාලනය කරන්න එය ගැටලුවක් නෙමෙයි. රෝගය කොහෙන්ද ආවේ කියලා දැනගන්න තිබුණනම් හොඳයි”


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads