Type Here to Get Search Results !

මයික් පොම්පියෝට විරුද්දව ඇමරිකා තානාපති කාර්යාලය වටලති.. ජවිපෙන් විරෝධතා.. පොලිසිය කැදවයි..


කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ පැමිණීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

ඔවුන් පවසන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ මෙම සංචාරය දකුණු ආසියානු කලාපය තම ඇමරිකා උනාම අනුව හසුරුවා ගැනීමේ එක් ක්‍රියාවක් බවය.

ශ්‍රී ලංකාව ද ඔවුන්ට උවමනා පරිදි ගිවිසුම්ගත කරගැනීමට මෙම සංචාරයේදී සූදානම් කර ඇතැයි විරෝධතාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේය.

විරෝධතාව හේතුවෙන් ඒ අවට පොලිස් ආරක්‍ෂාව දැඩි කර තිබේ.

මන්ත‍්‍රීවරයා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුව ආවරණය බෙල්ලේ එල්ලාගෙන සිටීමද විශේෂත්වයකි.

වසංගත රෝග විද්‍යා අංශයේ මතය වන්නේ කොරෝනා බෙල්ලෙන් ආසාදනය නොවන බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads