Type Here to Get Search Results !

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ’ PCR පරීක්ෂණ කළ නිලධාරීන් නවයකටත්’ කොරෝනා


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ කොවිඞ් ආසාදිතයන්ගේ ආශි‍්‍රතයන් සම්බන්ධයෙන් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කරන ලද කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවදෙනකුට ද කොවිඞ් – 19 ආසාදනය වී ඇතැයි එම නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා සඳහන් කරනවා.

එම නිලධාරීන් සියලූ දෙනා මේ වන විට රෝහල්ගත කිරීමට පියවර ගත් බවද හෙතෙම පවසනවා.

මේ අතර කොළඹ නගරයේ ඉකුත් 18 වැනිදා සිට ඊයේ (26 දා) දක්වා පී. සී. ආර්. පරීක්‍ෂණ 5368 ක් සිදුකර ඇති බවත් ඉන් 937 දෙනකුම කොවිඞ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළා.

ඒ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසලේ ශ‍්‍රම දායකත්වය සැපයූ පිරිසක් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads