Type Here to Get Search Results !

ගෙදර ගිය ‘කැලණිය,යක්කල සහ නයිවල සිසුන්ට’ විශේෂ පණිවිඩයක්


නිවාඩු ලබාදීමෙන් පසු නිවෙස් කරා ගොස් ඇති කැලණිය විශ්වවිද්‍යාලය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් ට නිවෙස් වලට ම වී සිටින ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉල්ලීමක් කරනවා.

advertisement
එම ආයතන අද (05) සිට සතියකට වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊයේ තීරණය කළා.

එසේම නේවාසිකාගාරවල සිටි සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දුන්නා.

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇයගේ දියණිය කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව එම ආයතන තුන තාවකාලිකව වසාදැමීමට බලධාරීන් විසින් තීරණය කළා.

මතුවී ඇති කොරෝනා වෛරස පැතිරීමේ අවදානම සලකා එම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads