Type Here to Get Search Results !

BREAKING NEWS - මහඔය නිවසට නිවාඩු ගිය ඇඟලුම් සේවිකාවකටත් කොරෝනා


දිවුලපිටිය කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හදුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදුකල පී.සී.ආර් පරික්ෂණයේදි අද(06)තහවුරු වු බව මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

මෙම කාන්තාව මහඔය ඉද්දපොළ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව අනාවරණය වී තිබෙනවා.

දිවුලපිටිය ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු මෙම කාන්තාව නිවාඩු ලබා නිවසට පැමිණ තිබුනේ ඉකුත් 04 දායි.

මෙම කාන්තාව තුලින්ද කොවිඩි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඇය ඉකුත් 05 දා රෝහල් ගතකර තිබෙනවා.

පී.සී.ආර් පරීක්ෂණයේදි ඇයට කොවිඩ් 19 වැළඳී ඇතිබවට අද (06)තහවුරු වු බවත් මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads