Type Here to Get Search Results !

දඹුල්ලේ අයෙකුට කොරෝනා වැළඳිලා


මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියතු සිට නිවසට නිවාඩු පැමිණ දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටී සිටි සේවකයෙකුට සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණයකින් අනතුරුව නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක අද (06) තහවුරු කර තිබෙනවා.

මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ විල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි.

මෙම රෝගියා ප්‍රතිකාර ලබාදීම සඳහා සුදුසු රෝහලකට මාරුකර යැවීමට මේ වන විට සූදානම් වන බවයි දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ.

මෙම පුද්ගලයා පසුගිය 03 වෙනිදා සිය ආයතනය සිට නිවාඩු ලබා මගී බස් රථයකින් දඹුල්ලට පැමිණ දඹුල්ල නගරයේ බස් නැවතුම්පොලේ වේලාවක් ගත කොට වෙනත් බස් රථයකින් විල්ගමුව ප්‍රදේශයේ තම නිවසට ගොස් සිටියදී හදිසියේ රෝගාතුරවී 1990 ගිලන් රථයකින් ඊයේ (5) දින දහවල් දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටියා.

මෙම රෝගියා කොවිඩ් 19 ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමග මේ වන වනවිට ලග්ගල, විල්ගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත්කර ඇති බවයි වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ.

ඔහු ඇසුරු කළ හා පවුලේ පිරිස් පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ බලධාරීන් දැනුවත් කළ බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads