Type Here to Get Search Results !

අම්පාරේ ගම්මානයකට සංචරණ සීමා


අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොලිස් බල ප්‍රදේශයට අයත් ඉද්දපොළ ගම්මානය අද (06) දින වසා දැමූ බව මහඔය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කාන්තාවකක් පසුගිය සෙනසුරාදා (03) නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර රෝග ලක්ෂණ හේතුවෙන් ඇය මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව ඇය ඵ්Cර්‍ පරීක්ෂාවට ලක් කර ඇති අතර ඇයට කොවිඩ් -19 වැළඳී ඇති බවට අද (06) දින අනාවරණය වී තිබෙනවා.

ඒ සමග මහඔය ඉද්දපොළ ගම්මානයේ ඇය පදිංචි නිවස අවට නිවාස 05ක් නිරෝධායනයට ලක් කර ඇති බවත් ගම්මානය වසා දමා සංචරණ සීමා කළ බවද මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය දර්ශිකා ජයසිංහ මහත්මිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළා.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads