Type Here to Get Search Results !

කොළඹ මහ නගර සභා සේවිකාවකගේ මවට කොරෝනා


කොළඹ මහ නගර සභාවේ කාර්ය මණ්ඩල සාමාජිකාවකගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු තිබෙනවා.

මේ හේතුවෙන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ඵ්Cර්‍ පරීක්ෂණයට භාජනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

නගර සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ, අදාළ සේවිකාවගේ මව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවිකාවක වන බවයි.

නගර සභාවේ සේවිකාව මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද වාර්තා වනවා.

ඇය කොළඹ නගර සභාවේ ව්‍යාපෘති අංශයේ සේවිකාවක වන අතර ඒ අනුව ව්‍යාපෘති අංශයේ සියලු කාර්ය මණ්ඩලය සහ සෙසු අංශවල අහඹු ලෙස තෝරා ගනු ලබන සේවක සේවිකාවන් පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බව නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads