Type Here to Get Search Results !

BREAKING NEWS - තවත් කොරෝනා ආසාදිතයෙක්


මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.

විසිඅට හැවිරිදි වියෙහි පසුවන මොහු තම බිරිඳත් සමඟ කුරුණෑගල උයන්දන ගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචිව සිටින බවද නිවාඩුවක් ලබා නිවසට පැමිණ ආපසු රැකියාවට යාමෙන් පසුව කළ පරීක්ෂාවකදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවද වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

මොහු ආයතනයෙන් නිවාඩුවක් ලබා පැමිණ කුරුණෑගල පිහිටි පෞද්ගලික රෝහලකින් පසුගිය මස 25 වන දින ශල්‍යකර්මයක් කරගෙන ඇති බවද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීමට උයන්දන ප්‍රදේශයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත පසුගිය 3 වන දින ගොස් ඇති බවද මේවනවිට අනාවරණය වී තිබේ.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads