Type Here to Get Search Results !

දිවුලපිටියේ පාසැලේ සිදුකළ PCR පරීක්ෂණ 101 ප්‍රථිපල නිකුත් වෙයි


දිවුලපිටිය ප්‍රදේශයේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ 16 හැවිරිදි සිසුවිය ඉගෙනුම ලැබූ පාසැලේ සිසු සිසුවියන් 48 දෙනා ඇතුළු ගුරුවරුන් හා සේවකයින් 53 දෙනා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.

ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ දිවුලපිටිය ප්‍රදේශයෙන් පළමුවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත ඇඟළුම් කර්මාන්ත ශාලා සේවිකාවගේ දියණියට වෛරසය ආශ්‍රිත බවට හඳුනා ගැනීමත් සමග එම පාසැලේ සිසු සිසුවියන් 1300 කට ආසන්න පිරිසකට ස්වයං නිරෝධායනය වෙන ලෙස දැනුම් දුන් බවයි.

මේ වන විට PCR පරීක්ෂණ සිදුකල සිසු සිසුවියන්ගෙන් 42 දෙනෙකු මීගමුව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇති අතර තවත් 06 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads