Type Here to Get Search Results !

කටුනායක බෝඩිමක අහඹු පරීක්‍ෂාවකින් 21කට කොරෝනා…


කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක ඇගළුම් සේවිකාවන් 21 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිදුකළ අහඹු පරීක්ෂණයකින් මෙම ආසාදිතයන් හමුවූ බවයි.

මෙම සේවිකාවන් පිරිස කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවය කරන අය බව ද ඔහු කියා සිටියේය.

මෙම නේවාසිකාගාරයේ කාන්තාවන් 59 දෙනෙකුට වැසිකිළි දෙකක් පමණක් බවත් එම නේවාසිකාගාරය අවම පහසුකමක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇතැයි ද ඔහු තව දුරටත් පැවසීය.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads