Type Here to Get Search Results !

රනිල් මන්ත‍්‍රීකම එපා කියයි.. ජෝන් මන්ත‍්‍රීකම ඔ්නෑමයි කියයි..


එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගන්නා ලෙස එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්ෂ රනිල් වික‍්‍රමසිංහගෙන් ඉල්ලා ඇත.

ඊයේ දිනයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති හමුවකදී මෙම ඉල්ලීම කර ඇතත් එම යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී ධුරය භාර නොගන්නේනම් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට එය භාර ගැනීමට යෝජනා වී තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා සඳහන් කරන්නේ තමන් මැතිවරණයට තරඟ කළේ නැති බවත් පරාජය වූයෙද් නැති බවත්ය.

එනිසා අනිවාර්යෙන්ම තමන්ට එම මන්ත්‍රීධුරය අවශ්‍ය බව ඔහු සදහන් කරයි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads