Type Here to Get Search Results !

හෙට්ටිවිදියේ සිට ගමට ගොස් ත්‍රී වීලරයකින් සැරිසරූ ආසාදිතයා


කොවිඩ් 19 වෛරසය අසාදනය වු 28 හැවිරිදි එක්දරු පියෙකු තම ත්‍රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරමින් සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් එක්ව අසාදිතයා හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට ඊයේ (26) දින රාත්‍රියේ කටයුතු කර තිබෙනවා.

අසාදිතයා කොළඹ හෙට්ටිවිදිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඉකුත් 18 වෙනි දින දිපාවලි උත්සවයෙන් පසු බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වත්තේ මොරා කොටසේ තම නිවසට පැමිණිමෙන් අනතුරුව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අසාදිතයා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝදනයට යොමු කර පසුගිය 24 වෙනිදා දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර තිබුණා.

පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ඊයේ දින ලද විගස බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ඔහුගේ නිවස වෙත යන අවස්තාවේ ඔහු තම ත්‍රිරෝද රථයේ රියදුරෙකුද නංවාගෙන නොර්වුඩ්, හැටන්, පුලියාවත්ත යන ප්‍රදේශයවල සංචාරය කරමින් සිටියදි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිස් නිලධාරින් විසින් අසාදිතයාට දුරකථන ඇමතුමක් ලබා දි ඔහු යලිත් ගෙන්වාගෙන තිබුණා.

ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝදනයට යොමු කර ඇති අතර , අසාදිතයා සැරි සැරු ස්ථාන කිහිපයක ආශ්‍රිතයන් සොයා ගැනිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිසිය කටයුතු කරමින් සිටිනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads