Type Here to Get Search Results !

කොරෝනා මර්ධන වැඩපිලිවෙලට ඇතැමුන් කොචොක් කරනවා.. බින්දුවට දමා කතා කරනවා..- හමුදාපති


කොරෝනා වෛරසය සාර්ථකව මැඩ පවත්වාගෙන යමින් සිටින අවස්ථාවක විවිධ න්‍යාය පත්‍ර වලට කටයුතු කරන අය එම වැඩපිළිවෙළ බින්දුවට දමා කතා කරන බවත් එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

විවිධ මත දරන පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ගැටළු සහගත අදහස් ඉදිරිපත් කරමින් කොරෝනා පාලනය වැඩපිළිවෙළයි හෑල්ලුවට ලක් කරන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ද ඔහු පැවසීය.

කොරෝනා මරණ සම්බන්ධයෙන් ද විවිධ වැරදි අදහස් පතුරුවමින් ඇතැයිද ඔහු කියා සිටී.

අද වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුර පාලනය කර ඇත්තේ එය ඒ සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක භාවය නිසා බවද ඒ මහතා පෙන්වා දෙයි.

හොරණ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇති වූ තත්ත්වය ද පාලනය කර ඇතැයි ද පැවසූ ඔහු පෑලියගොඩ පොකුරෙන් පැමිණි අභියෝගය විශාලම එක වුවත් එය ද සාර්ථකව පාලනය කර ගනිමින් සිටින බවද සඳහන් කරයි.

කොරෝනා තිබියදී ශිෂ්‍යත්ව විභාගය උසස් පෙළ විභාගයද සාර්ථකව පැවැත්වූ බවද සඳහන් කරන ඔහු ඒ එම වැඩපිළිවෙළේ ඇති සාර්ථක සාර්ථකත්වය බවද පෙන්වා දෙයි.

එසේ තිබියදී කොරෝනා පාලන වැඩපිළිවෙළේ අසාර්ථකත්වය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads