Type Here to Get Search Results !

පෑලියගොඩ සිට පැමිණි අයෙක් කහවත්තේදී බිම ඇද වැටී මිය යයි.. දේහය කොරෝනා පරීක්‍ෂාවට..


පෑලියගොඩ ‍ප‍්‍රදේශයේ සිට පැමිණි අයකු කෙටේතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසක මිදුලේ බිම ඇද වැටී මිය ගොස් තිබේ.

ඔහු අවදානම් ප්‍රදේශයක සිට පැමිණ නිසා කොරෝනා ආසාදිත යැයි පරික්ෂා කිරීම සඳහා දේහය රත්නපුර මහ රෝහල වෙත යොමුකර තිබේ.

එම පුද්ගලයා ප්‍රදේශයේ ආ ගිය ස්ථාන වල පුද්ගලයන් කිහිප දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ කොරෝනා පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් ඇති බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads