Type Here to Get Search Results !

මරාගෙන මැරෙන්නට සහරාන් හෂීම් ඉදිරියේ ප්‍රතිඥා දුන් කාන්තාවන් මෙන්න..


ආගමේ නාමයෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සහරාන් හෂීම් ඉදිරියේ කාන්තාවන් 15 දෙනෙකු ප්‍රතිඥා දී ඇති බවට අනාවරණය වුණා.

ඒ, සහරාන්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ, මාවනැල්ලේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණියගේ ප්‍රශ්න කිරීම් වලින්.

මොහොමඩ් ඊබ්‍රාහිම් සහිඩා වන 24 හැවිරිදි ඇය මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් අයගේ නැගණියයි.

එම තරුණිය ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ඇප මත නිදහස්ව සිටියදී යළි මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

ඇය හෙළි කර ඇත්තේ 2018 කාත්තන්කුඩිහි දී සහරාන් හෂීම් පැවැත්වූ අන්තවාදී දේශනවලට තමා ඇතුළු කාන්තාවන් 15 දෙනෙකු සහභාගී වූ බවයි.

මියගිය මරාගෙන මැරෙන බවට ප්‍රතිඥා දුන් කාන්තාවන්,

සහරාන්ගේ මව අබුදුල් සතාර් සිත්ති උම්මා
සහරාන්ගේ සහෝදරියක වන මොහොමඩ් කාසිම් හිදායාඅන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ මොහොමඩ්
සෙයිනාගේ බිරිඳ වන ආදම් ලෙබ්බේ ෆාතිමා
සහරාන්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන්ගේ බිරිඳ මොහොමඩ් නස්හත් ෆාතිමා නෆ්නා
අන්තවාදී ක්‍රියාවලට එක් වූ අසාද්ගේ බිරිඳ වන ෆෙරෝසා
රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් කාන්තාවන්,
සහරාන් හෂීම්ගේ සහෝදරිය මොහොමඩ් කාසිම් හිදායා
මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ සිද්ධියේ සැකකරුවෙකු වන සාදික්ගේ බිරිඳ මොහොමඩ් පලීල් ෆාතිමා
සාහිදා
පාස්කු ප්‍රහාරයට අදාළව ඩුබායි හිදි අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳ වන මොහොමඩ්
අහමදුල්ලා ෆාතිමා ජුස්තා
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් භාරයේ පසුවෙන මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් සෙසු කාන්තාවන්
හත්දෙනා,

සහරාන්ගේ රියදුරා වූ ගෆුර් මාමා නමැත්තාගේ බිරිඳ වන උදුමාලෙබ්බේ ෆරිසානා
සහරාන්ගේ ළඟම ඥාතියෙකුගේ බිරිඳ වන කාත්තන්කුඩිහි මුම්මදු හනීෆා නුස්රා
මොහොමඩ් මිල්හාන්ගේ බිරිඳගේ මව වන මොහොම්මදු සාලිහ් ජුෆයිඩියා
කාත්තන්කුඩිහි දරුල් අදර් පල්ලියේ සභාපති රවුෆ්ගේ දියණියක වන 22 හැවිරිදි අබ්දුල් රවුෆ් ෆාතිමා සාරා සහ
ඇගේ මව වන වන අබ්දුල් කුද්දාස් සිත්ති සාතුනා
කාත්තන්කුඩිහි පදිංචිව සිටි සෙයියදු අහමදු අස්මියා
පසුගියදා අත්අඩංගුවට පත් 24 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රාහිම් සහිඩා


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads