Type Here to Get Search Results !

ඇමතිකමක් ගත්තෙ නැති එක ගැන සතුටුයි ආණ්ඩුවට ඡන්දය දුන් බහුතරයක් කළකිරිලා - විජේදාස


වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා ඡන්දය ලබාදුන් ජනතාවගෙන් 95% ක්ම මේ වනවිට ආණ්ඩුවට විරුද්ධ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිස්ටම් චේන්ජ් එකක් කරනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් එම බල‍ාපොරොත්තුව ඉටු වී නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

බුද්ධිමත් කැබිනට් මණ්ඩලයක් පත්කර රටේ ලොකු වෙනසක් කරනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් ජනතාවගේ එම බලාපොරොත්තුව බිඳවැටී ඇති බවයි විජේදාස රාජපක්ෂ මහතා සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

වත්මන් කැබිනට් මණ්ඩලයේ වාඩිවීමට අවස්ථාව නොලැබීම සතුටට කරුණක් බවත් එය තම දේශපාලන දිවියේ වඩාත් සතුටට පත් වූ කරුණ බවත් විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩු‍වේ ගමන අන්තිම අසුබවාදී බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා පවසන්නේ සුදුසුම මොහොතේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ආණ්ඩුවෙන් ඉවත් වීමට තමා තීරණය කරන බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads