යාපනය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට, රෝගීන් 6 දෙනෙකුට සහ රෝහල් සේවකයින් පිරිසක් ඇතුළු 19 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කර ඇති අතර රෝහල් පරිශ්‍රය ද විෂබීජහරණය කර ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය එස්. ශ්‍රීබවානන්දරාජ් මහතා කියා සිටියේ.
එමෙන්ම රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි වුවද රෝගීන් බැලීමට පැමිණීමේදී අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් පැමිණෙන ලෙස රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර යාපනය දිස්ත්‍රික්කය තුළින් කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් යාපනය දිස්ත්‍රික්කයේ කොටසකට සංචරණ සීමා පනවා තිබෙනවා.


