මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට අත්වූ ඉරණම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට අත්වීමට ඉඩදිය නොහැකි බව සමගියේ මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවෙදී කියා සිටියේය.
”අපේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ හොරගොල්ලේ නිවසට 2021 ජනවාරි 21 වෙනිදා කිසියම් පිරිසක් ඇතුල්වෙලා එම නිවසේ සැරිසරලා තියෙනවා. මොවුන් නිවස පුරාම ඇවිද නිවසේ තිබූ වටිනා භාණ්ඩ කිසිවක් ගෙනයන්නේ නැතුව පිටව ගිහින්. නමුත් මේ වන විට සති 9 ක් ගත වී ඇතත් පොලිසිය විසින් කිසිම තොරතුරක් සොයාගෙන නැහැ. සති හතරක් ගිය පසු පරීක්ෂණවල ප්‍රතිඵලයක් නොමැති බව පෙනී යන විට පොලිස්පතිතුමා හමුවී මේ පිළිබඳ විමසා තියනවා.
ඒ අතර භයානක සිදුවීමක් සිදුවී තියනවා. චන්ද්‍රකා මැතිණිය පොලිස්පති හමුවී දින දෙකකට පසු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පොලිස් වාහනයකින් පැමිණ එතුමියගේ මුරකරු හමුවී මේ සිද්ධියේ වැරැද්ද භාරගන්නා ලෙසට ඔහුට බලපෑම් කරලා තියනවා.
මුරකරු කිසිසේත්ම එකඟ නොවූ නිසා ඔවුන් ගෙන ආ පැමිණිලි පොත අකුලාගෙන පිටව ගිහින්.
”හිටපු ජනපතිනියගේ ආරක්ෂාව දුර්වලයි. ඇයගේ නිවසට නන්නාදුනන පුද්ගලයින් ඇතුල්ව සැරිසැරීම සැක කටයුතුයි. පරීක්ෂණ නිසි අයුරින් සිදු නොවීම ගැටළුවක්.. ” යයි කුමාර වෙල්ගම පැවසීය.


