චීනයේ නිෂ්පාදන ‘සයිනොෆාම්’ කොරෝනා එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ විද්‍යාත්මක පදනමකින් නොවන බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පෙන්වා දෙන්නේ චීන කොරෝනා එන්නත මේ රටට විශාල වශයෙන් තොග ඇණැවුම් කර තිබෙන බවයි.
නමුත් එය මෙරට ජනතාවට ලබා දුනහොත් ජනතාවගේ ජීවිත පිළිබඳ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
ඔවුන් විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතිත් දැක්වෙයි.
මේ අතර චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන එම එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එරට ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතාට බාර දී ඇත.
මෙට පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ලැබෙන මෙම තොගය බාර ගැනීම සදහා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා එහි යාමට නියමිතය.


