Type Here to Get Search Results !

මෙරට “ඇස්ට්‍රාසෙනෙකා” එන්නත දුන් පිරිසගේ ප්‍රතිදේහ වර්ධනය ගැන හෙළි වූ දේ


ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් සියයට 93 කගේ පමණ ප්‍රතිදේහ වර්ධනය වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිත ප්‍රතිශක්තිවේදී හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මෙරටදී එන්නත් ලබාගත් පළමු කණ්ඩායම වන සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල නිලධාරීන්ගෙන් ලබාගත් ජෛව සාම්පල ඇසුරින් කළ පරීක්ෂණවලට අනුව මේ තත්ත්වය හෙළිවූ බවයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ.

කොවිඩ් සඳහා ප්‍රතිශක්තිය වර්ධනය වීමට නම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත යුතු බවද ඔහු ප්‍රකාශ කළා. (VA News)


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads