Type Here to Get Search Results !

නගරාධිපතිටත් කොරෝණා…. පොළත් වසාදමයි…


යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාට සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයකින් කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවටත් යාපනය පොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.

මේ අතර යාපනය පොළේ වෙළෙන්ඳන් 60 ක් ඇතුලු යාපනය දිස්ත්‍රීක්කයේ 600 කට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමෙන් අනතුරුව යාපනය පොළේ වෙළෙන්ඳන් 09 දෙනෙකුට ඇතුලු 18 දෙනෙකුට කොරෝණා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

එමෙන්ම 600 ක පමණ සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණ වාර් ථා යාපනය ශික්ෂණ රෝහලේ සහ යාපනය විශ්වවිද්‍යාල රසායනාගාරයේ ඉදිරි දිනයන්හීද පැමිණීමට නියමිතව ඇති බැවින් කොරෝණා අසාදිත ප්‍රමාණය වැඩිවීමේ අවධානමක්ද පවතින බවට යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පෙන්වා දෙයි.

එමෙන්ම යාපනය මහනගාරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතා පසුගිය දිනක යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පැවති විවාහ මංගලෝත්සවයක් සඳහා සහභාගී වී ඇති අතර එහිදී කොරෝණා ආසාදනය වී ඇති බවට සැක පල වී ඇති අතරම මහනගරාධිපතිවරයා මේ වන විට රෝහල්ගත කොට ඇත.

එමෙන්ම මහනගරාධිපතිතුමන් ඇතුලු යාපනය පොළේ වෙළෙන්ඳන් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් මේ වන විට හඳුනාගනිමින් නිරෝධායනය කරමින් සිටින අතරම පී.සී.ආර් පරික්ෂණයන්ට යොමුවූ සියලුම පුද්ගලයින් නිවෙස්වල නිරෝධායනය වන ලෙසටද යාපනය සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලා සිටිති.

යාපනය පොළේ වෙළෙන්ඳන්ට කොරෝණා ආසාදනය වීම හේතුවෙන් මේ වන විට යාපනය පොළ ප්‍රදේශයම සම්පූරණයෙන් වසා දමා සියලුම පුද්ගලියන් නිරෝධායනය කරවීමේ කටුයුතු සිදු කරන බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads