Type Here to Get Search Results !

අභයාරාමය නැත්නම් පොහොට්ටුවක් නෑ.. ඒ ගුණය ඇත්තේ මහින්ද ලග පමණයි.. හැකිනම් පළාත් සභාව තියා බලන්න..- අභයාරාම හිමිගෙන් දොස් මුරයක්…


අද වන විට මෙරට රාජ්‍ය තන්ත්‍රය මූල් මුල්පුටුවල දුර්වල පාලකයන් සිටින නිසා රාජ්‍ය තන්ත්‍රය කඩාවැටීමට ලක්වී ඇතැයි නාරාහේන්පිට ශ්‍රී අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ඒ නිසා එම ස්ථාන වලට පරිපාලනය සම්බන්ධයෙන් දැනුවත් පිරිසක් පත් කළ යුතු බවද උන්වහන්සේ සඳහන් කරති.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි අය හා අභයාරාම විහාරස්ථානය නැතිනම් පොහොට්ටුවක් නැති බවද පැවසූ උන්වහන්සේ එම ගුණය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා සතුව පමණක් යයිද සඳහන් කළහ.

අද පවතින ජනමතය තේරුම් ගැනීමට අවශ්‍ය නම් පළාත් සභා ඡන්දය තියා බලන්නැයිද උන්වහන්සේ කියා සිටියහ.

සිය විහාරස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් හිමියෝ මේ අදහස් පල කලහ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads