Type Here to Get Search Results !

අසේල සම්පත් පැහැරගෙන නෑ.. මෙන්න අරන්ගිය හේතුව (VIDEO)


යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍යජාල ඔස්සේ සිදුකර තිබූ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සදහා පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ අසේල සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

ඒ දැනට දින කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අදාළවය.

ඊට අදාළ වීඩියෝ පට සහ අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් තබන ලද අදහස් දැක්වීම් සියල්ල අධ්‍යයනය කර එම විමර්ශන කටයුතු සිදුකළ බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එම පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වා යම් ද්‍රව්‍ය මිශ්‍රකර බාල කිරීමෙන් අනතුරුව ජනතාවට එන්නත් කිරීම සඳහා ලබාදෙන බවට අසේල සම්පත් සමාජ මාධ්‍යජාල හරහා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය.

රැගෙන ගිය අවස්ථාවේ වීඩියෝව 
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads