Type Here to Get Search Results !

ගංජාවලින් කොරෝනා මෙල්ලයි… ලොව පුරා පරීක්‍ෂණවලින් හෙලිවෙලා.. නීතිගත කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..


ස්වයං ප්‍රතිශක්තිකරණය උදෙසා කංසා නීතිගත කරන සිදු ලෙස ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ඉල්ලා සිටියි.

එහි ලේකම් තුසිත බාලසුරිය මහතා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම ලිඛිතව කර තිබේ.

ලෝකය පුරාම ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගැනීම සඳහා කංසා භාවිත කරද්දි ආයුර්වේද මෙන්ම දේශීය ඖෂධයක් වන කංසා භාවිතා කිරීම මෙරට පුරවැසියන්ට අවසර නොමැති වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පෙන්වා දෙයි.

වැඩිහිටියන්ගේ භාවිතය සඳහා නියාමනයන් සහිතව කංසා නීතිගත කරන්නැයි ඔහු රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

එය මෙරට ජනතාවගේ සුවය උදෙසා මෙන්ම දේශීය වෙදකම නගාසිටුවීම උදෙසා ද ගන්නා වැදගත් හා විප්ලවීය තීන්දුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

දේශීය විදේශීය පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි කොරෝනා රෝගය මාරාන්තික තත්ත්වය වෙන නිවුමෝනියා තත්ත්වය පාලනය කිරීම සඳහා කංසා යොදාගත හැකි බවත් පර්යේෂණ ගණනාවක් මගින් තහවුරු කර ඇති බවද ලේකම්වරයා කියා සිටී.

ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල කොරෝනා එන්නත ලබා ගත් අයට නොමිලේ කංසා බෙදාදීම ද ලේකම්වරයා විසින් එම ලිපිය මගින් සිහිපත් කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads